For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Branding Your business

Branding Your business

බිස්නස් වලට හුස්ම පොවන කලාව ඔබ දන්නවා ද සංනාමකරණය (Branding) කියන්නේ කලාවක් බව. ඔබ ඔබේ ව්‍යාපාරයේ, එසේත් නැතිනම් වෙනත් ව්‍යාපාර වල ව්‍යාපාර ප්‍රවර්ධනය කරන අයුරු දැක ඇති. නමුත් වර්තමානයේ කලාවක් අනුව Branding කිරීමක් සිදුවන්නේ ඉතාමත් අඩුවෙනි. අප එදිනෙදා විවිධ මාධ්‍යවලින් බොහෝ දේ දකිනවා, බොහෝ දේ අසනවා. ඒත්, ඒ සියල්ලම අපේ මනසේ රැඳෙනවාද…? හැබැයි, ඒ අතරින් සමහරක් ඇස පිනවන, මනසින් ප්‍රශ්න කරන්නට සිදුවන, අමුතු සංකල්පයක් හෝ තේරුම් ගැනීමට අපහසු අදහසක් ඔබගේ මතකයේ අනිවාර්යෙන්ම නිරායාසයෙන් තැන්පත් වෙනවා නේද…? අන්න ඒ වගේ හිතට කාවදින, කුතුහලය දනවන, තර්ක කරන්නට යමක් ඉතිරි කරන නිර්මාණයක් බිහිවන්නේ අහම්බයකින් නොවේ. ඒ සෑම විශේෂ ජවනිකාවකටම හරි අපූරු රසවත් පිටපතක් තිබෙනවා. විවිධ මාධ්‍යයන්ගෙන් දැන්වීම් ප්‍රචාරණයන් හා ප්‍රවර්ධනයන් සිදු කිරීමට ඔබ කොතෙකුත් මුදල් ආයෝජනය කරනවා නේද…? නමුත් ඔබ සිතුවා ද ඔබගේ ව්‍යාපාරයටත් රසවත් පිටපතක් අනුව පාරිභෝගිකයාගේ මතකයේ රැඳෙන ලෙස ප්‍රමෝෂන් සිදු කළ හැකි බව. ඇත්තෙන්ම ඔබටත් අනිවාර්යෙන්ම පුළුවන්. ඒත් ඒකට නිකම්ම ඔහේ මොනවා හරි ප්‍රොමෝෂන් එකක් කරලා හරි යන්නේ නැහැ. මොනවා හරි ඩිසයින් එකක් කරලා දැන්වීමක් දාලා වැඩක් වෙන්නේ නැහැ. ඩිසයින් එකක් ලස්සන වූ පලියට එතන Branding නැහැ. Branding කියන්නේ බිස්නස් වල අරමුණු හා ඉලක්ක වලට ගැළපෙන පරිදි වෙළෙඳ පොළ තරඟකාරිත්වය හඳුනාගනිමින් උපායමාර්ගික (Stratergy) සැලසුමකට අනුව ගොඩනගන සංකල්පයකට. අන්න ඒ නිසයි Branding කලාවක් කියන්නේ. මේ අපේ සූදානම ලංකාවේ ප්‍රමුඛතම සන්නාම නාමයන් ඔස්සේ මේ වන විට Dahamya Creations ආයතනයේ ප්‍රමෝෂන් වැස්සේ පහස ලැබූ සුවිශේෂී දැන්වීම් පෝස්ට් ඇසුරෙන් සංනාමකරණය ගැන කෙටි විග්‍රහයක යෙදෙන්නටයි. ඇත්තටම Branding කියන්නේ සරල නොවූ ගැඹුරින් හදාරා සිදු කරනු ලබන අපූරු සංකල්පයක් බව ඔබටත් වැටහේවි.Governor කමීස සඳහා මෙම පෝස්ට් එක නිර්මාණය කර ඇත්තේ සම්පූර්ණයෙන්ම එම ව්‍යාපාරයේ අනන්‍යතාවයට ආවේණික වූ පිටපතකට අනුවයි. මෙහි වර්ණ බොහෝමයක් සංකලනය කිරීමට පදනම් වන්නේ ඔවුනගේ ඇති කමිස එකතුවේ වර්ණ වලට වැඩි නැඹුරුතාවයක් දක්වමිනි. Font සඳහා ලබා දී ඇති පාට ඔවුනගේ සන්නාම ලාංඡනය වර්ණවත් කරයි. එසේම එම සුදු වර්ණය ඔවුනගේ ඇති සුවිශේෂීභාවය හා මනා නිමාව පිළිබිඹු කරයි. මෙහිදී යොදාගත් ඡායාරූපය භාවිතා කිරීමට හේතු වූයේ Governor කමිසය අඳින පුද්ගලයා ඔවුනගේ සන්නාමයේ ඇති තේමා පාඨය වන ‘පිරිමිකම පිරි කමිසය’ යන්න පිළිඹිබු වන ලෙසයි. ඡායාරූපය තුළින් නිහඬව ගම්‍ය වන යටි කතාව වන්නේ Governor කමිසය අඳින පුද්ගලයෙකු මහත්මා ගුණයෙන් පිරුණු සැබෑ මහත්මයෙකු බවයි. පිරිමි පෞරුෂය වැඩි කර සැබෑ මහත්මයෙකු නිර්මාණය කිරීම, Governor කමිස වල අරමුණ බව ඉස්මතු කර පෙන්වීම මෙම පෝස්ටුවේ ප්‍රධාන වස්තු විෂය ලෙස තෝරාගෙන තිබේ. එසේම මෙහි යොදා ගෙන ඇති brush effect එක යොදාගෙන ඇත්තේද තවත් එක් ඩිසයින් එකක් ලෙස නොව පැහැදිලි අර්ථයක් ඇතුවයි. ශ්‍රී ලංකාව යනු ඓතිහාසික පසුබිමකින් යුත් රටකි. ඉතිහාසයේ සිට ශ්‍රී ලාංකිකයින් අනුන්ට උපකාර කිරීම, ආගන්තුක සත්කාර කිරීම සුලභ දෙයකි. නමුත් වර්තමානයේ දී බොහෝ තරුණ තරුණියන් උදව් උපකාර කිරීම බොහෝ සෙයින් ප්‍රතික්ෂේප කරන අවස්ථා මෙන් ම උදව් උපකාර කිරීම දුලබ අවස්ථාවක් ලෙස දැකගත හැකි ය. මෙහිදී පාරේ යන වයසක කාන්තාවකට තරුණයෙකු උදව් කිරීම, brush tool එකෙන් පෙන්වා ඇත්තේ එවන් ඓතිහාසික පසුබිමක් හිමි රටක එම මහත්මා ගුණය නැවතත් මතු කර පෙන්වීමටයි. එවන් සුවිශේෂී කතාවක් කියැවෙන පොතක නම ලෙස Governor කමිස වල තේමා පාඨය සඳහන් කර ඇත්තේ ඔබත් Governor කමිසය ඇඳ ඒ අභිමානවත් පොත කියවන ලෙස ඇරයුම් කරමිනි. වැසීගිය පොතෙහි පිටු අතර ඇති එම මහත්මා ගුණයන් එකින් එක ජීවිතයට මතු කිරීමට උත්සාහ කර ඇත. මෙම නිර්මාණයට පොතක් යොදා ගැනීමෙන් Governor නම් වූ සන්නාමය දිගු අතීතයකට හිමිකම් පවතින පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාගත්, ක්ෂේස්ත්‍රයේ බිහිවූ විශිෂ්ට ව්‍යාපාරයක් බවත් සංකේතවත් කර තිබේ. Governor කමිසයේ ඉතිහාසයට පොතේ සෑම පිටුවක්ම සාක්ෂි සපයයි.එපමණක් නොව මෙම නිර්මාණයට යොදාගෙන ඇති Font වර්ග, විවිධ පසුබිම් සහ අනෙකුත් සියලු නිර්මාණ අංග සඳහා විශේෂ වූ හේතුවක් හෝ කතාංගයක් ඇතුළත් පිටපතක් Dahamya Creations ආයතනය විසින් නිර්මාණය කර ඇත. එ් සියල්ලම හරහා ‘‘කලාවක් බඳු Promotion කිරිම පාරිභෝගිකයාගේ මනසට තදින්ම කාවද්දයි“ යන්න ඔබටත් පැහැදිලි වන්නට ඇති. ඔබත් ඔබගේ ව්‍යාපාරය කලාවක් ලෙස ප්‍රමෝෂන් කර හරියට Branding කිරීමට කැමති නම් අදම කෝල් කරන්න. අප ඔබට නොමිලේම ඔබගේ ව්‍යාපාරය ප්‍රමෝෂන් කරන හරි පාර පෙන්වා දෙන්නම්.Branding චිත්‍රයක් නම් ඔබේ ව්‍යාපාරයටත් පිකාසෝ තෝරාගත යුතුය.Web Site – www.dahamyacreations.comFacebook – https://www.facebook.com/dahamyacreationsYou Tube – https://www.youtube.com/channel/UCm3Vv-xajPh0VWcnHZ4sJTwhttps://www.youtube.com/channel/UCgzaeu1bVoIAJ0nEHyKzXAQ…Instagram – https://www.instagram.com/dahamyacreations/E mail – info@dahamyacreations.com | sales@dahamyacreations.com Adders – 85/2, Ambaraluwa North, Weliweriya. Call Now – 033 4343434 | 070 5961946 | 076 1388188

Top